- 1878.02.04 වන කුඩාවැල්ල සේනාරත්න ගුරුමහතා සහ දොන් පේදිරිස් කුලසිංහ ගම්මුලාදෑනි මහතාගේ ප්‍රධානත්වයෙන් සිසුන් අට දෙනෙකුගෙන් මෙම පාසල ආරම්භකර තිබේ.පාසල ඉහිටි ස්තානය වරින්වර වෙනස් වී තිබෙන අතර 1908 වත්මන් පාසල පිහිටි ස්තානයේ ආරම්භ කර ඇත. මෙහි පළමු මුල් ගුරුවරයා ලෙස තල්පස තල්පාවිල ගුරු මහතා සැලකෙන අතර 1908 දී මුල් ගුරු තනතුර හොබවා ඇත්තේ සාමෙල් මහතා විසිනි. 1923 වර්ෂයේ සිටි මුල් ගුරුවරු ලෙස සිරිවර්ධන මහතා ද,1928.09.02 දින සිට සන්දෝරිස් මහතා ද, ඩී. එච්. ගුනසේකර මහතාද, 1935 දී අයි.බී. ප්‍රනාන්දු මහතා ද 1936 පසු 1948 දක්වා වරින් වර වැඩ බලන මුල් ගුරුවරු කිහිපදෙනෙකු ම සේවය කර ඇත. 1948 වර්ෂයේ තුප්පහි මහතා මුල්ගුරු තනතුර හෙබවූ අතර, පාසලට රේඩියෝවක් ලැබීම. පිං බෙහෙත් ශාලවක් ඇරඹිම, ආදර්ශ ගොවිපොලක් සෑදීම, ආදිය මෙම කාලය අතර තුර සිදුවිය.1951 සිට 1956 දක්වා ජේ.එන්. විතාන මහතා සේවය කර ඇති අතර මෙම කාලයේ දී සිසුන්ට ආහාර වේලක් ද ලබාදී ඇත.





