සැම දින විදු ණැන හොබයා වැජඹෙන
ජූලම්පිටි පාසල් මෑණී
රට ජාති සමය රැකුමට සඳ දිරි දී
බොදු දරුවන් හට විසිනා
සැරදේ ........... සැරදේ ...........
සැරදේ ........... පාසල් මෑණි අපේ ...........//
ශක්තිය යුක්තිය පාලා
සැමටම මෙත්සිත් පතුරා ...........//
සෞභාග්‍ය උදාකර විදුහල් අතරේ
වැජඹෙන ජයගොස නංවා
සැරදේ ........... සැරදේ ...........
සැරදේ ........... පාසල් මෑණි අපේ ...........//
වීර්‍ය ධෛර්යය වඩමු
කිතුගොස ජය නගමු
ඉසි ක්‍රෝධ මාන දුරු කර අප සැම දෙන
වැජඹෙමු මෙම විදුහල් පියසේ
සැරදේ ........... සැරදේ ...........
සැරදේ ........... පාසල් මෑණි අපේ ...........//