හ/ පල්ලෙ ජූලම්පිටිය ම.වි.

2024 තෙවන වාර විභාගය 2025 ජනවාරි මස ආරම්භ වේ.

main12.jpeg
main12.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

P.P. ජයන්ත

"පෑනක් හා බැදුණු දූ දරුවන්ට

ඇගිලි තුඩක තාක්ෂණික ලොවක්”

වත්මන් ලොව තාක්ෂණය සමගින් ගෙවී යන කල පාසල් දරුවන් ද ඒ හා සම්බන්ධ කරමින් දේශය පමණක් නොව ජාත්‍යන්තරය ද ජයගන්නා සිසුන් පිරිසක් ලෙස නිර්මාණය කිරීම අපගේ වගකීමකි. එම වගකීම මත තොරතුරු තාක්ෂණ විෂය හා වැඩි වශයෙන් සිසුන් සම්බන්ධ කිරීමට අප නිතරම උත්සාහ ගනිමින් සිටී.පෙල පොතට පමණක් සීමා වූ අධ්‍යාපනයෙන් ඔබ්බට ගොස් පරිගණකය හා බැදුණු නව තාකෂණික අධ්‍යාපනයකට ළමයා යොමු වනු ඇත. ඒ හරහා දැනුමින් හා  බුද්ධියෙන් දියුණු දරු පිරිසක් මෙන් ම යහපත් ආකල්ප හා නිර්මාණශීලිත්වයෙන් යුක්ත පාසල් මාතාවගේ නාමය බබලවන, පාසල් මාතාවට සාඩම්බරවිය හැකි දරු පිරිසක් බිහිකිරීම මුඛ්‍ය අභිමතාර්ථය වන මෙම උත්සාහය සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.

P.P. ජයන්ත
නියෝජ්‍ය විදුහල්පති
හ/පල්ලෙ ජූලම්ටිය මහා විද්‍යාලය..