හ/ පල්ලෙ ජූලම්පිටිය ම.වි.

පාසලේ ඉතිහාසය

2024 තෙවන වාර විභාගය 2025 ජනවාරි මස ආරම්භ වේ.

main12.jpeg
main12.jpeg

හ/පල්ලෙ ජූලම්පිටිය මහා විද්‍යාලය දකුණු පලාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල මිද්දෙණිය (ජූලම්පිටිය හරහා )ප්‍රධාන මාර්ගයට මුහුනලා ජූලම්පිටිය ග්‍රාමයේ මනරම් භූ භාගයක පිහිටා තිබේ.

1878.02.04 වන කුඩාවැල්ල සේනාරත්න ගුරුමහතා සහ දොන් පේදිරිස් කුලසිංහ ගම්මුලාදෑනි මහතාගේ ප්‍රධානත්වයෙන් සිසුන් අට දෙනෙකුගෙන් මෙම පාසල ආරම්භකර තිබේ. පාසල ඉහිටි  ස්තානය වරින්වර වෙනස් වී තිබෙන අතර 1908 වත්මන් පාසල පිහිටි ස්තානයේ ආරම්භ කර ඇත. මෙහි පළමු මුල් ගුරුවරයා ලෙස තල්පස තල්පාවිල ගුරු මහතා සැලකෙන අතර 1908 දී මුල් ගුරු  තනතුර හොබවා ඇත්තේ සාමෙල් මහතා විසිනි. 1923 වර්ෂයේ සිටි මුල් ගුරුවරු ලෙස සිරිවර්ධන මහතා ද,1928.09.02 දින සිට සන්දෝරිස් මහතා ද , ඩී. එච්. ගුනසේකර මහතාද, 1935 දී අයි.බී. ප්‍රනාන්දු මහතා ද 1936 පසු 1948 දක්වා වරින් වර වැඩ බලන මුල් ගුරුවරු කිහිපදෙනෙකු ම සේවය කර ඇත. 1948 වර්ෂයේ තුප්පහි මහතා මුල්ගුරු තනතුර හෙබවූ අතර , පාසලට රේඩියෝවක් ලැබීම. පිං බෙහෙත් ශාලවක්  ඇරඹිම , ආදර්ශ ගොවිපොලක්  සෑදීම, ආදිය මෙම කාලය අතර තුර  සිදුවිය.1951 සිට 1956 දක්වා ජේ.එන්. විතාන මහතා සේවය කර  ඇති අතර මෙම කාලයේ දී සිසුන්ට ආහාරවේලක් ද ලබාදී ඇත.

 

1959 වර්ෂයේ කේ.පී . සුමතිපාල මහතා  මුල් ගුරුවරයා ලෙස   සේවය කරන කාලය තුළ පාසලට 60 * 20 ප්‍රමාණයේ ගොඩනැගිල්ලක් තැනූ අතර, අ.පො.ස.සා/ පෙළ සදහා සිසුන් මුල්වරට පෙනී සිටීම 1962 දී සිදුවිය.1964 වර්ෂයේ 80*22    පුමාණයේ නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සිදුවූයේ යූ.බී. ජයවර්ධන මහතාගේ කාලයේදී ය. මෙම කාල පරිච්ඡේදයෙදී කෘෂිකර්මය දියුණු වූ බව සදහන්වේ. ඉන්පසු වැඩ බලන විදුහල්පති ලෙස කේ.හෙන්ද්‍රික් මහතා ද, ඒ.එච්.ඩබ්. රෙඩී මහතා ද සේවය කර ඇත. 1971 වර්ෂයේ ටී.කේ.පී. අමරවීර මහතා ද ,1972 දී පියදාස මහතා ද, විදුහල්පති වරු ලෙස සේවය කර ඇත. මේ කාලයේ දී 80*20 ප්‍රමාණයේ නව ගොඩනැගිල්ලක් තනවා තිබේ. ප්‍රථම වරට සිසුවෙකු 8  වසර ශිෂ්‍යත්වයක් දිනා ගත්තේ ද මේ අවදියේය. 1974 වර්ෂයේ දී වීරසිංහ මහතාගේ කාලයේ මෙම විද්‍යාලය මහා විද්‍යාලයක් බවට පත්කරන ලදී.

වර්තමානයේ පාසල් විදුහල්පතිවරයා වන්නේ 2011.05.05 වන දින වැඩ බාරගත් එස්.පී. මුහන්දිරම් මහතාය.එච්.ඒ.රනතුංග මහතා අධ්‍යාපන සංවර්ධන කටයුතු භාර නියෝජ්‍ය විදුහල්පතිවරයා ලෙස ද, පරිපාලන කටයුතු භාර නියෝජ්‍ය විදුහල්පතිවරයා ලෙස පී.පී. ජයන්ත මහතා සේවය කරයි. මූල්‍ය කටයුතු භාරව කටයුතු කරන්නේ පී.පී. ජයන්ත මහතාය. පාසලේ 6 -8 ශ්‍රේණි සදහා අංශ ප්‍රධානී තනතුර ආර්.ආර්. මාලනී මිය ද, 9 – 11 ශ්‍රේණි සදහා අංශ ප්‍රධානී තනතුර එම්.පී. ජයසිරි මයා ද, 12 – 13 ශ්‍රේණි අංශ ප්‍රධානී ලෙස පී. සමන්ලතා මිය ද,සේවය කරන අතර පාසලේ වර්තමාන ගුරු මණ්ඩලය 24 දෙනෙකුගෙන් පමණ සමන්විතය.

2016 වර්ශයේදී ලගම පාසල හොදම පාසල ව්‍යාප්තිය යට‌තේ මෙම පාසලේ මේ වන විට විද්‍යාගාරයකින්, ගණිතාගාරයකින් හා පරිගණක විද්‍යාගාරයකින් සමන්විත දෙමහල් ගොඩනැගිල්ල ඉදිකර ඇත. එසේම පාසල ඉදිරිපිට තාප්පය ඉදිකර ඇත.

වර්තමාණය වනවිට අ.පො.ස. සා.‌පෙළ සහ උසස් පෙළ ප්‍රතිඵල ඉමළ මට්ටමක පවතින අතර විෂය සමගාමී කටයුතු රාශියක් ද ක්‍රියාත්මක වෙමින් පවතී. ඉංග්‍රීසි, ක්‍රීඩා හා සෞන්දර්ය අංශයෙ කලාප, පළාත් සහ ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබාගැනීමට විදුහලේ සිසු සිසුවියන් සමත්ව ඇත.

 

ආරම්භ කළ වර්ෂය

1878 පෙබරවාරි 04

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

01

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

08

මුල් ගුරුතුමාගේ නම

තල්පස තල්පාවිල ගුරු මහතා

පාසලේ ආදි කතෘගේ නම

කුඩාවැල්ල සේනාරත්න ගුරුමහතා සහ දොන් පේදිරිස් කුලසිංහ ගම්මුලාදෑනි මහතා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

පල්ලෙ ජූලම්පිටිය මහා විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

තල්පස තල්පාවිල ගුරු මහතා