විදුහල්පති පණිවිඩය
එස්.ප්‍රදීප් මුහන්දිරම්
“තාක්ෂණික ලොවක එලිය දකිමු”
දකුණු පලාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් පල්ලෙ ජූලම්පිටිය මහා විද්‍යාලය 1884 පෙබරවාරි 8 වන දින ආරම්භ වූ පාසලකි. එදා සිට අද දක්වා පාසල් දරුවන්ගේ අධ්‍යාපන දිවියට නිබඳ සවියක් වීමට මෙම පාසලට හැකියාව ලැබී ඇත.වර්තමානය වන විට සිසුන් 256 දෙනෙකු පමණ අධ්‍යාපනය ලබන අතර 6 ශ්‍රේණයේ සිට 13 ශ්‍රේණිය දක්වා පංති පැවැත්වේ.
අප මේ ගත කරන්නේ තාක්ෂණයත් සමග හුස්ම ගනු ලබන ලොවක ය. එකී තත්තවය හමුවේ පාසල් සිසුන්ට ද තාකෂණය සමග ඉදිරියට යාමට සිදු වී ඇත. එහෙයින් අප පාසලේ සිසුන ද නවීන තාකෂණයත් සමග ඉදිරියට යැවීම පාසලේ ගුරුභවතුන්ගේ මෙන් ම මාගේ ත් වගකීමකි. වෙනස් වන තාක්ෂණික ලොකයත් සමග ඉදිරියට පාසලේ දූ දරුවන් අනාගත අභියෝග ජයගත හැකි මානව දයාවෙන් හෙබි ගුණ ධර්ම වලින් යුක්ත රටට වැඩදායී සිසු පරපුරක් බිහි කිරීම පාසලේ විදුහල්පතිතුමා වශයෙන් මාගේ වගකීම කොට සලකමි. ඒ සඳහා දූ දරුවන්ට නිබඳ සවියක් වීමට මා ඇප කැප වෙමි.
එස්.ප්‍රදීප් මුහන්දිරම්
විදුහල්පති
හ/පල්ලෙ ජූලම්ටිය මහා විද්‍යාලය.





